15472. මා පව් සෝදාලන්ටැත්තේ

1 මා පව් සෝදාලන්ටැත්තේ
ලෙය පමණක්මයි යේසුස්
සුවකරන්ටත් ඈත්තේ
ලෙය පමණක්මයි යේසුස්

ඔව් අනගි ගඟ
පව් සෝදන ගඟ
ජීවනයේ ගඟ
ලෙයමය පින්වත් යේසුස්

2 පිරිසිඳුවීමටත්
ලෙය පමණක්මයි යේසුස්
කමාවට කරුණත්
ලෙය පමණක්මයි යේසුස්

3 සමාදානෙත් පැතුමත්
ලෙය පමණක්මයි යේසුස්
මාගේ දමිටුකමත්
ලෙය පමණක්මයි යේසුස්

4 පව් නසන පූජාව
ලෙය පමණක්මයි යේසුස්
මා කළ හොඳක්නොව
ලෙය පමණක්මයි යේසුස්

Text Information
First Line: මා පව් සෝදාලන්ටැත්තේ
Title: මා පව් සෝදාලන්ටැත්තේ
English Title: What can wash away my sin
Author: Robert Lowry
Translator: J. Wesley Perera
Refrain First Line: ඔව් අනගි ගඟ
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [මා පව් සෝදාලන්ටැත්තේ]
Composer: Robert Lowry
Key: F Major or modal
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us