| 15466 | The Cyber Hymnal#15467 | 15468 |
| Text: | පොරණ ගීය තෙදවතත් |
| Author: | Edmund H. Sears |
| Translator: | A. S. Amarasekara |
| Tune: | CAROL |
| Composer: | Richard Storrs Willis |
| Media: | MIDI file |
1 පොරණ ගීය තෙදවතත්
ඇසුණයි රෑ දිනේ
පැවසු දූතුන් විත් සගෙන්
රන් වීනා ගාමිනේ
වේව සෙත මිහි පිට
සතට කරුණා
දූතයින් ගී අසනට
ලෝ නිසලින් උන්නා
2 දැනුත් එත් උන් අහස් කුසින්
විදහා පියාපත්
සමාදානය ගෙනතින්
ලෝ කෙරේ යුත් විපත්
මෙලෝ දුක් ඇති සැම තැන්
කෙරේ උන් හැසිරෙත්
වියවුල් ඇත් කල වටින්
සැනසුම් ගී කියත්
3 මෙලෝ ජීවිතේ දුක්වලින්
බරවී ඉන්නෙනි
කඳු මග සෙමින් දුකින්
ගමන් කරන්නෙනි
එයි තොස් යුත් කලක් මනරම්
තොපට විගසින්
මග අයිනේ නවතිමින්
අඝව් ගී දූතයින්
4 එන්නේ දවස් විගසින්
පෙර දිවස්වතුන්
පැවසූ වදන ලෙසන්
කාලය සුපසන්
කෙරේ මුළු පොළෝ අලුත්
යේසුස් රජ වනා
එකල් මෙ ගී කියත් ලෝ සත්
දැන් දූතු න් කියනා
| Text Information | |
|---|---|
| First Line: | පොරණ ගීය තෙදවතත් |
| Title: | පොරණ ගීය තෙදවතත් |
| English Title: | It came upon the midnight clear |
| Author: | Edmund H. Sears |
| Translator: | A. S. Amarasekara |
| Meter: | CMD |
| Language: | Sinhala |
| Copyright: | Public Domain |
| Tune Information | |
|---|---|
| Name: | CAROL |
| Composer: | Richard Storrs Willis (1849) |
| Meter: | CMD |
| Key: | B♭ Major |
| Copyright: | Public Domain |
| Media | |
|---|---|
| Adobe Acrobat image: | |
| MIDI file: | |
| Noteworthy Composer score: | |