15458 | The Cyber Hymnal#15459 | 15460 |
Text: | ජීවිතේ රැළ ගසනා කලට |
Author: | Johnson Oatman, Jr. |
Translator: | D. G. E. Piyasena |
Tune: | [ජීවිතේ රැළ ගසනා කලට] |
Composer: | Edwin Othello Excell |
Media: | MIDI file |
1 ජීවිතේ රැළ ගසනා කලට
බාදා එන කල සිත කයට
ගැණපන් ලත් ආසිරි එකින් එක
පුදුමයක් වෙයි නුඹට නිසැක
ආසිරි එකෙක ගැණපන්
මේ තාක් හිමි කළ දේ සිතන්
ගණන් කරන් එකෙක බැගින්
පුදුමයක් වෙයි නුඹේ සිතට ඉන්
2 කරදරෙන් පොඩිවී ඉන්නෙහිද?
කුරුසේ බර වැඩි මෙන් දැනේද?
සිහිකරන් ලත් ආසිරි එක්එක
දුරුවී යයි අඳුරත් සැම සැක
3 දුටුවාම සම්පත් හා ගම්බිම් අනුන්
සිහිකරන් යේසු හිමි කී වදන්
මිලකළ නොහැක් සැප සෙත් නොමින්
පොරොන්දුවුණා නොවේද දෙන මෙන්?
4 පීඩා හා සටන් කොතෙක් ආවත් ඉතින්
බය නොවන් සවි සිතින්ම සිටින්
ඕනෑ උපකාර සැනසුම් දෙමින්
දෙවි තුම නුඹ රකියි නිතියෙන්
Text Information | |
---|---|
First Line: | ජීවිතේ රැළ ගසනා කලට |
Title: | ජීවිතේ රැළ ගසනා කලට |
English Title: | When upon life's billows you are tempest tossed |
Author: | Johnson Oatman, Jr. |
Translator: | D. G. E. Piyasena |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [ජීවිතේ රැළ ගසනා කලට] |
Composer: | Edwin Othello Excell |
Key: | E♭ Major |
Copyright: | Public Domain |